ව්‍යාප්තීකෘත කාංසාව නම් ආබාධය

ඔබගේ සාංකාව දෛනික ජීවිතයට බලපායි නම් හෝ පීඩාවට හේතු වේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න. ව්‍යාප්තීකෘත සාංකාව නම් ආබාධය (GAD) හදුනා ගැනීම අපහසු විය හැකියි. සමහර අවස්ථාවන්හිදී එය ආතතිය (depression) වැනි අනෙකුත් මානසික සෞඛ්‍ය තත්ත්ව වලින් වෙන් කර හදුනා ගැනීම අපහසු වේ.. ඔබට GAD ඇතැයි සිතන්නට පුලුවන් ඔබ:

  • ඔබගේ කණස්සල්ල, ඔබගේ රැකියාව සහ සාමාජීය ජීවිතය ඇතුළු ඔබගේ එදිනෙදා ජීවිතයට සැලකියයුතු ලෙස බලපායි නම්
  • ඔබගේ කණස්සල්ල, අතිශයින් පීඩාකාරි හා අවුලට පත් කරනවා නම්
  • ඔබ සෑම දෙයක් පිලිබඳව ම කනස්සලු වීමට පත්වනවා නම් සහ ඒ සෑම විටම නරකම තත්ත්වය පිලිබඳව සිතීමට උත්සාහ කරනවා නම්
  • ඔබගේ මෙම කණස්සල්ල පාලනය කල නොහැකි නම්
  • ඔබට මෙම කණස්සල්ල අවම වශයෙන් මාස 6ක පමණ කාලයක් සෑම දිනකම වාගේ දැනී ඇත්නම්

ඔබගේ වෛද්‍යතුමා සමග කාංසාව ගැන කතා කිරීම

ඔබගේ වෛද්‍යතුමා ඔබෙන් පහත ප්‍රශ්න ඇසීමට පුලුවන්:

  • ඕනෑම ශාරීරික හෝ මානසික රෝගී ලක්ෂණ සහ ඒවා කොපමණ කාලයක සිට පවතීද යන්න පිලිබඳව
  • ඔබේ කරදරයන්, බිය හා හැඟීම්
  • ඔබේ පෞද්ගලික ජීවිතය

ඔබගේ දැනීම්, හැගීම් සහ පෞද්ගලික ජීවිතය ගැන කතා කිරීම ඔබට අපහසු වන්නට පුලුවන. නමුත් නිවැරැදි රෝග විනිශ්චයකට පැමිනීම සදහා ඔබගේ රෝග ලක්ෂණ සහ වෙනත් තත්වයන් ඔබගේ වෛද්‍යතුමා විසින් හොදින් තේරුම් ගැනීම ඉතාම වැදගත් වනවා. ඔබට මාස 6කට හෝ ඊට වැඩි කාලයක් රෝග ලක්ෂණ පැවතුනේ නම් ඔබට GAD වැලදී ඇති බව හදුනා ගැනීමට බොහෝ ඉඩක් ඇත. ඔබේ සාංකාව පිලිබඳ හැගීම් පාලනය කර ගත නොහැකි වීමද ඔබට එම තත්ත්වය ඇති බව තවදුරටත් කියාපායි. රෝග විනිශ්චය සදහා ඔබගේ වෛද්‍යතුමා විසින් කායික පරීක්ෂණ හෝ රුධිර පරීක්ෂණ සිදු කරමින් ඔබගේ රෝග ලක්ෂණ ඇති කරවිය හැකි වෙනත් රෝගී තත්ත්වයන් බැහැර කිරීම සිදු කරයි. එනම්: